උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්‍රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා පවසනවා.
වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
උමා ඔය ප්‍රදේශය ආශ්‍රිතව සිදුව ඇතැයි පැවසෙන ඉරිතැලීම් සහ ජල ගැලීම් සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් අද අදාළ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ හේරත් මහතා මේ බව සඳහන් කළේ.
මේ අතර වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී විදුලි බිල අඩු කිරීමට බලාපොරොත්තුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
උමා ඔය ව්‍යාපෘතියෙන් ලැබෙන මෙගාවොට් 120 ක ලාභයෙන් සහන දිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයට
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු










