ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා.
ඒ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇතිගැසට් නිවේදනයක් මඟින්.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර ඇති බවයි එහි සදහන්ව ඇත්තේ.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේදී ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යෑමේදී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් .
වසර 10 කට වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින් සඳහා සේවය කරන ලද සේවා කාලයට අදාළ සෑම මාස 12ක් සඳහා මාස 5 වැටුප වන්දි වශයෙන් පිරිනැමෙනු ඇති.
ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියමයන් සහ කොන්දේසි කිහිපයක් ආදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබුනා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










