2026 වර්ෂය සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් හා යෝජනා ලබා ගැනීම අද සිට ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ, මාර්තු 18 දින දක්වා මේ සඳහා විදුලි පාර්භෝගිකයින්ට අවසථාව හිමි වන බවයි.
මේ අතර වාචික අදහස් ඉදිරිපත් කිරීම සඳහා පළාත් 9 ආවරණය වන පරිදි ස්ථාන 5කදී අවස්ථාව හිමි වන බවද ඒ මහතා අවධාරණය කළා..
එහි පළමු වැන්න අම්පාරේ දී මාර්තු 7 වෙනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
ඉන් අනතුරුව වව්නියාවේදී මාර්තු 11 වෙනිදා, මාතලේ දිස්ත්‍රික්කයේ දී මාර්තු 12 වෙනිදා, හම්බන්තොට දී මාර්තු 16 සහ අවසාන වාචික උපදේශනය මාර්තු 18 වෙනිදා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.නියමිත
ඉන් අනතුරුව යෝජනා සියල්ල සැලකිල්ලට ගෙන කොමිෂන් සභාවේ තීරණය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කරනු ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ.













