
විදුලි ගාස්තු ඉහළ නැංවීමේ දී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට යෝජනා කර තිබෙනවා.
කෙසේවෙතත් මේ සඳහා මහජන උපයෝගීතා කොමිසම තවම සිය අනුමැතිය ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.
ජූනි 01 සිට විදුලි ගාස්තු ඉහළ නැංවීමට නියමිතයි.
කෙසේවෙතත් පිරිවැය පියවාගැනීම සදහා විදුලි ගාස්තු 18.3%කින් ඉහළ නැංවීමට අවශ්‍ය බවයි විදුලිබල මණ්ඩලය පැවසුවේ.














