විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට හෙට දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළ බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
එම යෝජනා මැයි පළමු වැනිදා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණ ද විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමටයි එම කොමිසම පියවර ගනු ලැබුවේ.
එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් නොකළ බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළා.
ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් සිදුකිරීමටයි කටයුතු කර ඇත්තේ.
උණුසුම් පුවත්
- ජාතිවාදය පැරදූ බව ආණ්ඩුව කියයි – VIDEO –
- එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි
- දකුණු කොරියාවේ හිටපු අගමැති වසර 23 කට සිරගෙට
- ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව දින අටක් ගංගාරාමයේදී පැවැත්වීමට සැලසුම්
- මෙරට ගුවන් හමුදාවේ 110ක් මධ්‍යම අප්‍රිකාවට
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්













