යෝජිත විදුලි බල පනත හකුලා ගන්නා තුරු අඛණ්ඩව සටන් වැදීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.
ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ කොළඹදී කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර අද සිට ආරම්භ කරන බවයි.
අසනීප නිවාඩු වාර්තා කරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28 ක නියෝජිතයින් මෙලෙස අද විරෝධතාවක් සිදු කිරීමටයි සැළසුම් කර ඇත්තේ.