වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක් විද්‍යුත් තැපැල් හා වට්ස් ඇප් මගින් සංසරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
විද්‍යුත් තැපැල් ලිපින කිහිපයක් මගින් එම ව්‍යාජ පණිවුඩ යොමුකරන බවටයි තොරතුරු අණාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් ඒවා කිසිසේත් ශ්‍රී ලංකා පොලිසිය හෝ වැඩබලන පොලිස්පතිවරයා යොමුකරන පණිවුඩ නොවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ සම්බන්ධයෙන් විමර්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි .
උණුසුම් පුවත්
- කේරළ කංසා එක්ක 04ක් නාවික හමුදා භාරයට
- න්‍යෂ්ටික බලය වැඩිකරන බව ඉරාන ජනපති කියයි
- ආසියානූ ඔරු පැදීමේ තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්
- රුසියාවේ භූ කම්පනයක්
- රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවීමට සැලසුම්
- වන සුරැකුම ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට ක්‍රියාත්මක කෙරේ
- කොටපොළ සමූපකාරයේ බලය විපක්ෂයට
- කෙහෙළියගේ පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ











