පොලිස් නිලධාරියෙකු පොලිස් නිල නිවසක පදිංචිව සිටින කාලය වසර පහකට සීමා කිරීමට පියවර ගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
එසේම ඊට අදාළ චක්‍රලේඛන මේ වන විටත් නිකුත් කර ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.
තම දරුවන් උසස් පාසලකට ඇතුළත් කර ගැනීමට සෑම නිලධාරියෙකුටම සමානව අවස්ථාව ලබාදීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.