වාහන පැහැරගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ පසුගිය 10 වනදා පල්ලම ප්‍රදේශයේ කාර් රථයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකළ විමර්ශනයන්ට අදාළවයි.
සැකකරුවන් කොල්ලකන ලද කාර් රථය ද සමඟ දඹදෙනිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.