වාහන ආනයනයට අවසරදීමත් සමගින් මේ දක්වා කාලයේදී රුපියල් බිලියන 163ක රේගු ආදායමක් උපයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
මෙම වසරේදී ලබාදී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යාමට රේගුවට හැකියාව පවතින බවත් 2025 වසරේදී රුපියල් බිලියන 2115ක ආදායමක් ඉලක්කයක් ලැබුණු බවත්ය.
එසේම පසුගිය වසරේදී ලැබුනු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1533ක් බවත් එම ඉලක්කය ඉක්මවා යමින් රුපියල් බිලියන 1535ක ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා.
අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ 2025 වසරේ ආදායම් ඉලක්කය ජුනිා මස මැද වන විට රුපියල් බිලියන 900 ඉක්මවා ඇති බවයි.
2025 පෙබරවාරි මස පළමු වැනිදා සිට රජය මෝටර් රථ ආනයනට අවසර ලබාදුන් බවත් මේ වන විට මෝටර් රථ 14000ක් පමණ ආනයනය කර ඇති බවත් ඔහු කියා සිටියා.
ඒ හරහා රුපියල් බිලියන 165ක ආදායමක් ලබාගෙන ඇති බවත් මෙම වසරේදී මෝටර් රථ ආනයනයෙන් රුපියල් බිලියන 450ක් පමණ බලාපොරොත්තු වන බවද අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා කියා සිටියා.
භාණ්ඩු ආනයනයේදී ඊශ්‍රායල-ඉරාන යුද ගැටුම්වලින් බලපෑමක් එල්ලවේද යන්න සම්බන්ධ නැගූ පැනයකදී අතිරේක රේගු අධ්‍යක්ෂවරයා කියා සිටියේ මේවනතෙක් භාණ්ඩ ආනයනය කරන නෞකා ප්‍රමාද වන බවට දැනුම්දී නොමැති බවයි.