ව්‍යාජ මුදල් නෝට්ටු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී කරුණු රැසක් අනාවරණය කරගැනීමට හතරලියද්ද පොලිස් ස්ථානයට හැකිව තිබේ.
ඊයේ දහවල් හතරලියද්ද ප්‍රදේශයේ වෙළෙඳ සැලකට පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් 5,000 මුදල් නොට්ටුවක් ලබාදීමක් සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී මේ බව අනාවරණය වීඇති බවයි සදහන් වන්නේ.
ඒ අනුව ව්‍යාජ මුදල් නෝට්ටු සන්තකයේ තබාගෙන සිටි උඩුව, මහනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32ක සැකකරුවෙකු පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු සන්තකයේ තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 03ක්, රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 02ක්, රුපියල් 100 ව්‍යාජ මුදල් නොට්ටු 02ක් හමුව ඇති බවටයි සදහන් වන්නේ.