ව්‍යාජ පෝලන්ත වීසා සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාර් හරහා පෝලන්තයට යෑමට මොවුන් තැත් කිරීමේදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31 හා 38 වයස්වල පසුවන දෙමෝදර හා බෙලිගල ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.