ලංකා ඛනිජ තෙල් සංස්ථාව වසර 35 කට පසු පළමු වරට ඔවුන්ගේ සේවක බඳවා ගැනීමේ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණයට ලක් කර තිබෙනවා.
සංස්ථාවේ ඇති අක්‍රමිකතා සහා දිගුකාලීන ගැටළු විසඳීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට අනුව ප්‍රධාන ලෙස ශ්‍රම බලකායේ සැලකිය යුතු අඩුවීමක් වන බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ.
ඒ අනුව එහි අත්‍යවශ්‍ය සේවකයින් 2,031ක දක්වා අඩු කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ඛණිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම මෙම මෙම ප්‍රතිව්‍යුහගතකිරීම් තුළින් අපේක්ෂා කරනු ලබනවා.