නුවරඑළියේ සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතරවීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසිය පවසනවා.
නුවරඑළිය වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ මහඌව ප්‍රදේශයේදී මෙම අනතුර ඊයේ(28) පස්වරු 4ට පමණ සිදුව තිබෙනවා.
අධික බෑවුමක් සහිත එම මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේ මීට ප්‍රථම රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධික බෑවුම් සහිත ස්ථානයේ පස්වලින් ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම නිසා මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථය පස් කන්දේ ගැටී නතර වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.
යාපනයේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි 28 දෙනෙකු එම බස් රථයේ පැමිණ ආපසු යාපනය බලා යමින් සිටියදී අනතුර සිදුව තිබෙනවා.
බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත පස් බැම්මේ වැදී නතර වී තිබෙනවා.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර බස් රථයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
අනතුරට පත් බස් රථයේ ගමන් ගත් පිරිස යාපනයේ සිට වෙනත් බස් රථයක් ගෙන්වාගෙන පිටත්ව ගිය බවයි පොලිසිය පවසන්නේ.