Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට
    • දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට
    • පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනවාසී රාහුල හිමියන්ගෙන් ඇමැති ලාල්කාන්තට අභියෝගයක්

    වනවාසී රාහුල හිමියන්ගෙන් ඇමැති ලාල්කාන්තට අභියෝගයක්

    2025-07-26කියවීමට මිනිත්තු 4ක් ගතවේ.87 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රජරට, උතුරු මැද පළාතේ තියෙන සෙියලුම වැව්වල වැව්තාවුලු අල්ලාගෙන සදා ඇති ගොඩනැගිනි හැකි නම් මාස හයක කාලයක් තුළ ඉවත් කර පෙන්වන ලෙස නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතාට අභියෝග කර සිටිනවා.

    වනවාසී රාහුල හිමියන් මේ බව කියා සිටියේ අද(26) පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවසුවේ ලාල්කාන්ත ඇමැතිවරයා පවසන දේ කිරීමට නොහැකි බවයි.

    ඊට හේතුව ලෙස උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම කටයුතු සඳහා දේශපාලකයන් ව්‍යාපාරිකයන් සම්බන්ධ වී සිටීම බවයි.

    එසේම උන්වහන්සේ පැවසුවේ කෘෂිකර්ම ඇමැතිවරයා මෙවැනි අභියෝගයන් ජනතාව ඉදිරියේ මෙන්ම ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ කිවයුත්තේ එය ඉටු කිරීමට හැකියාවක් ඇති නම් පමණක් බවයි.

    මෙම කටයුත්ත සිදු කිරීමට හැකියාවක් ඇත්නම් එය ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් බවද උන්වහන්සේ පවසනවා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

    දැන් මේ වෙන කොට මිනිස්සුන්ගේ වී අස්වැන්න, ක්‍රමයෙන් තමන්ගේ අතට ලැබෙමින්, අස්වැන්න නෙලමින් පවතින අවස්ථාව.

    මේ දවස් වල ගොවීන් කතා වෙනවා වී මිළ පහත වැටිලා කියලා. එතකොට වී වල මිළ බහින්න හේතුවක් නෑ. පොහොර ටිකට සහනාධාරයක් ලබාදෙනවා ආණ්ඩුවෙන්.

    භූමිය ගත්තම, බොහෝ ගොවීන්ට අක්කර 2 1/2 ක් දීලා තියෙනවා ආණ්ඩුවෙන්, ජලය ලබා දෙනවා ආණ්ඩුවෙන්, ඒකට යම් පුංචි බදු මුදලක් ලබා ගන්නවා ආණ්ඩුවෙන්, ඒක වෙනම කතාවක්.

    නමුත් ගොවියාගේ නිෂ්පාදනය ගන්න කොට ගොවියාට අඩු මිලක් තමයි වැටෙන්නේ.

    මේකට ප්‍රධාන හේතුවක් හැටියට මම දකින්නේ ඔය පිරටවලින් තෙල් පොහොර ආනයන කරන සමාගම්.
    මේගොල්ල තමයි මේ මාෆියාව ඇති කරන්නේ.

    අර හාල් මාෆියාව වගේම තමා මේ මාෆියාවත්, මේවා කරන්න දෙන්නේ නැතිව මේවා රජයට පවරා ගත යුතුයි.

    ඒ කාර්ය භාරය රජය කලා නම් ගොවියාටත් සහනයක්, රජයටත් යම්කිසි ආදායමක් ලැබෙනවා.

    ඒ පිළිබඳව අවධානය යොමු කරනවා නම් කෘෂිකර්ම ඇමතිවරයා, මම හිතන්නේ ගොඩක් වටිනවා.

    ඉදිරියේදී මිනිස්සු රජය පිළිබඳ ප්‍රසාදයට හෝ අප්‍රසාදය පත් වෙන ප්‍රධානම කාරණය තමයි කෘෂිකර්මය, මේකට අවශ්‍යය කරන සහයෝගය, ඒ පහසුකම් ටික, ප්‍රතිපාදන ටික ලබා නොදුන්නොත් ආණ්ඩුවත් වැටෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා.

    ඒ නිසා ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ සමාගම් අතේ තියෙන මාෆියාව බිඳලා රජයට ඒ වගකීම භාර අරගෙන කටයුතු කරන්න පුලුවන් නම් මම හිතන්නේ ගොවියාටත් මේ වී මිළ මීට වඩා ඉහළ මට්ටමකට ගෙනවිත් තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුලුවන් කියන එක තමයි මගේ විශ්වාසය.

    මේ වන විට කෘෂිකර්ම අමාත්‍යය ලාල්කාන්ත මැතිතුමා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා,

    අනුරාධපුරයෙන් ඒක පටන් ගත්තා වැව්තාවුලු වල හදලා තියෙන නිවාස සහ හෝටල්, ඔය දේශපාලඥයෝ විවිධ ව්‍යාපාරිකයෝ හදලා තියෙන දේවල් අයින් කරන්න.

    හොඳ වැඩපිළිවෙලක්, මම හිතන්නේ නෑ මේක කරන්න පුලුවන්ද කියලා, මේක කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක මම දන්නේ නෑ, ඒ මොකද එකක් තමයි පොලොන්නරුවේ පරාක්‍රම සමෘද්‍රය එහෙම මායිම් කරන්න ගියොත් එහෙම ඔය ප්‍රබල ව්‍යාපාරිකයින්ගේ, ආණ්ඩුවට සහය දක්වපු ව්‍යාපාරිකයන්ගේ නොයෙක් දේවල් තියෙනවා.

    ඒවා ඉවත් කරන්න පුලුවන්ද? නීතිය ක්‍රියාත්මක කරනවා නම් ලොකු පොඩි කාටත් නීතිය එක විදිහට ක්‍රියාත්මක කරන්න ඕන.

    ඉතාමත් හොඳ වැඩක්, මොකද අනුරාධපුරය ගත්තාම තිසාවැව, නුවර වැව, බසවක්කුළම, වැව් වල අපිට පේනවා ඒවායේ තියෙන වැව් තාවුලු වල ගෙවල් හදාගෙන, විවිධ දේශපාලඥයෝ, ව්‍යාපාරිකයෝ ගෙවල් හදලා, හෝටල් හදලා මේවා නිරවුල් විය යුතුයි.

    ඒ ගැන තර්කයක් ඇත්තේම නෑ, මම කියන්නේ මේවා මේ අනුරාධපුරයේ විතරක් නෙමෙයි, මුළු ලංකාවේම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.

    ඉතින් මේක කොතෙක් දුරට ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියන එක තමයි ලොකුම අභියෝගය, මම ලාල්කාන්ත ඇමතිවරයාට අභියෝග කරනවා.

    පුලුවන් නම් රජරට තියෙන, උතුරු මැද පළාතේ තියෙන සියලුම වැව්වල වැව් තාවුලු අල්ලාගෙන හදලා තියෙන ගොඩනැගිලි මාස 06 ක් ඇතුළත ඔක්කෝම ඉවත් කරලා පෙන්වන්න පුලුවන් නම්, මං එතුමාට අභියෝග කරනවා.

    මේක කරන්න බෑ, ඒ කරන්න බැරි හේතුව තමයි මේවාට දේශපාලඥයෝ සම්බන්ධ වෙලා ඉන්නවා, ව්‍යාපාරිකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා.

    කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත මහතා එවැනි අභියෝග ජනතාවට ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහා කියන්න ඕන ඇත්තටම කරන්න පුලුවන් නම් පමණයි.

    හොඳ වැඩපිළිවෙලක් නමුත් කොච්චර දුරට සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙයිද කියන එක මං දන්නේ නෑ.

    අනිවාර්යෙන්ම අනවසර ඉදි කිරීම් හරියට තියෙනවා.

    මාර්ග දෙපස ගත්තම, හැම තැනකම ඉදි කිරීම් තියෙනවා, මේවා සියල්ලකම් ක්‍රමාණූකූලව ඉවත් විය යුතුයි.

    ඒ වගේම නගරය ලස්සන විය යුතුයි.ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි.

    මේ රට ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල යටතේ ඒ ටිකවත් කරලා දෙන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්.

    අනවසර ඉදිකිරීම් ඉවත් කරලා නගර අලංකාර කිරීම හොඳ වැඩපිළිවෙලක්, වැහි කාළයකට නගරයකට ගියහම බලන්න දණිස් වටක් වතුර, මොකද වතුර බැස යන ක්‍රමයක් හදලා නෑ, දේශපාලඥයෝ නිළධාරින්, මුදලාලිලාට ඕන විදිහට ඉදි කිරීම් කළා මිසක් ඊට පස්සේ කියනවා ගංවතුර, ඊට පස්සේ කියනවා ගෙවල් කැඩෙනවා කියලා.

    ඒකට හේතුව තමයි කළමණාකරනයක් නැතිව ඉදිකිරීම් කිරීම ප්‍රධාන හේතුවක්, ඒ නිසා නගර සභා ප්‍රාදේශීය සභා මේ හැම එකක්ම ක්‍රියාත්මක කරන්න ඕන අවහිරතා ඇති වෙලා තියෙන තැන් නිවැරදි කර මේවා සම්පූර්ණයෙන් නගර අලංකරණය කිරීම ඉතාමත් වැදගත් දෙයක්.

    පෙර පුව​තළිඳකට වැටී වන අලියෙකු මරුට – තවත් අලියෙක් බේරෙයි
    ඊළඟ පුව​ත චෙම්මනි සමූහ මිනිවලෙන් මිනිස් සිරුරු 90 කට අදාළ අස්ථි කොටස් මතුකර ගනියි

    සබැ​ඳි පුවත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    දරවල වත්ත ඉහළ කොටස මාර්ගයේ කොන්ක්‍රීට් පාලමක් කැඩී යයි – ජනතාව පීඩාවට

    පිස්තෝලයක් සමග අයෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    2026-03-13

    නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්

    2026-03-13

    පොලු පහරක් නිසා වෙච්චි දෙයක්

    2026-03-13

    ලක්ෂ 57ක විදෙස් දුම්වැටි සමග අයෙක් අත්අඩංගුවට

    2026-03-13
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group