Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
    • කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට
    • ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ
    • මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
    • සුනඛයින් ලියාපදිංචිය සඳහා නව පනත් කෙටුම්පතක්
    • මුහුදු රළ ඉහළයාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු සේවක වැටුප් වැඩි කිරීම ගැන ඇමැති මනූෂට ජාත්‍යන්තර ප්‍රසාදය

    වතු සේවක වැටුප් වැඩි කිරීම ගැන ඇමැති මනූෂට ජාත්‍යන්තර ප්‍රසාදය

    2024-06-11කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය.

    වතු කම්කරු වැටුප් ඉහළ දැමීමේ ක්‍රියාවලිය තුළදී ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සමාජ සංවර්ධන මූලධර්මය පිළිපැදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මනුෂ නානායක්කාර අමාත්‍යවරයාට සිය ප්‍රසාදය පිරිනැමීය.

    ජිනීවා නුවරදී මේ වන විට පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ, වාර්ශික ජාත්‍යන්තර කම්කරු සමුළුව අතරවාරයේදී අමාත්‍යවරයා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සාකච්ඡාව ඊයේ (10) දින පැවැත්විණි.

    ශ්‍රම වෙළදපොල ප්‍රමිතීන් සහ රැකියා තත්වයන් වැඩි දියුණු කිරීම සදහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සහ ඒ සදහා වන කැපවීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කරුණු පැහැදිළි කළේය.

    ජාත්‍යන්තර කම්කරු සංවිධානය් සී 188 වැනි ධීවර සම්මුතිය අපරානුමත කිරීම සදහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයා පැහැදිළි කළ අතර එය කඩිනමින් අපරානුමත කිරීමට කටයුතු කරන බවද සදහන් කළේය. සී 155 දරණ වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය සම්මුතිය, සී 189 දරණ ගෘහ සේවක සම්මුතිය, සී 190 දරණ සේවා ස්ථානයේ ප්‍රචන්ඩත්වය සහ හිරිහැර කිරීමට එරෙහි සම්මුතිය අපරානුමත කිරීම සදහා ගෙන ඇති පියවරද අමාත්‍යවරයා පැහැදිළි කළේය.

    රැකියාවක් අහිමිවීමේදී ප්‍රතිලාභ ලබාදීම, මාතෘ ප්‍රතිලාභ සහ සේවා ස්ථානයේදී සිදුවන අනතුරු සදහා රක්ෂණයක් ලබාදීම වැනි කරුණු ඇතුළත් කරමින් ආරම්භ කරන සමාජ ආරක්ෂණ ක්‍රමවේදය පිළිබදව පැහැදිළි කළ අමාත්‍යන්‍රයා සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සදහා සහාය ලබාදෙන ලෙසට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටියේය.

    ජාතික කම්කරු වෙළදපොළ තොරතුරු පද්ධතිය පිළිබදව සහ ශ්‍රම වෙළදපොළෙහි ප්‍රතිසාධන සහ උපායමාර්ග අධීක්ෂණය කිරීම සදහ ක්‍රියාත්මක කිරීම සදහා අන්තර් අමාත්‍යාංශ ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

    මීට අමතරව සත්කාරක සහ සාත්තු සේවක පුහුණු කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය සමග එක්ව ගනු ලබන පියවර පිළිබදවත් අමාත්‍යවරයා පැහැදිළි කළේය. මේ හරහා කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය වැඩි කිරීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වෙනස්කොට සැලකීමේ භාවිතයන් ඉවත් කිරීම සදහ ලංකාවේ කාන්තාවන් සදහා යහපත් සේවා කොන්දේසි සහතික කිරීමත් තහවුරු කරන බව මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.

    ශ්‍රම වෙළදපොල ඉලක්ක කරගනිමින් ගෙන යන වැඩපිළිවෙල සදහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පූර්ණ සහාය ලබාදෙන බවටත් මෙහිදී, එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo වැඩිදුරටත් සහතික විය.

    මෙම සාකච්ඡාව සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත හිමාලි අරුණාතිලක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුබ්‍රමනියම් චසන්තන්, කම්කරු කොමසාරිස් ජනරාල් ජයසුන්දර, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    පෙර පුව​තසජිත් මුහුද මැද LIVE එයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත “එළැඹෙන ඡන්ද මනාප ඡන්දය නෙවෙයි.”-වසන්ත යාපා (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    ජාවා මුහුදු සීමාවේ අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනේ

    මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්

    2026-09-13

    කැස්බෑවන් පෙන්වා මුදල් ඉපයූ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-13

    රටම එකට මෙහෙයුම යටතේ පුද්ගලයින් 730 දෙනෙකු අත්අඩංගුවට

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group