හැටන් සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වටවල නගරයේදී වොට් 33000ක අධිබලැති විදුලි රැහැන් කණුවක ගැටී සිදු වූ අනතුරකින් එම මෝටර් රථයේ ගමන්ගත් රියදුරා සහ තවත් අයෙක් වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අනතුර වටවල නගර මධ්‍යයේදී සිදුව ඇති බවයි.
අධික වේගයෙන් ධාවනය වී ඇති මෝටර් රථය අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ඇද ඇති කොන්ක්‍රීට් කණුවේ වැදී මෝටර් රතය නතර වී තිබෙනවා.
අනතුරින් මෝටර් රථයට සහ අධිබලැති විදුලි රැහැන් පද්ධතිය ඇද තිබූ කොන්ක්‍රීට් කණුවටද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂන පවත්වන වටවල පොලිසිය කියා සිටියේ.










