2024/ 2025 මහ කන්නයේ වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
ඒ අනුව වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා සහ අර්තාපල් වගා හානි සදහා මෙම වන්දි මුදල් ප්‍රදානය කර ඇති බවයි වාර්තා වුනේ.
මේ යටතේ අක්කර 87,690 ක වගා කළ ගොවීන් 74,958 ක ප්‍රමාණයක් සඳහා අදාළ මුදල් ලබා දී තිබෙනවා.
වගාවන් සිදුකරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලීන්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවේදී වගා බිම් හෙක්ටයාර එකකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම්ද සිදුකරනු ඇති .
ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම සඳහා යොමු කිරීමේ පරමාර්ථය මත නොමිලේ වගා රක්ෂණ ක්‍රමවේදය යටතේ මෙම වගා හානි වන්දි පිරිනමා තිබෙනවා.