ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
රටේ ජීවය ළමා පරපුර බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම දරුවන් වෙනුවෙන් සුවිශේෂ වගකීමක් රජයට පවතින බව ද ඇය සදහන් කළා.
වැඩිහිටි ප්‍රජාවගේ නිරෝගී සුවය මෙන්ම ආරක්ෂාව ද තම ප්‍රාර්ථනය බවයි ඇය සදහන් කලේ.
ඔවුන්ගේ මානසික යහපැවැත්ම මෙන්ම සෞඛ්‍ය පිළිබදව මෙන්ම ගෞරවනීය සමාජ වටපිටාවක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම රජයේ අරමුණ බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.