ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා.
අද වනවිට ලෝක රන් මිල ඩොලර් 4,120 පසුකර ගොස් තිබෙනවා.
මෙරට රත්‍රං මිල පසුගිය අඟහරුවාදා දිනට සාපේක්ෂව රුපියල් 8,000කින් පමණ අද දිනය වනවිට ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කළේ.