ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබනවා.
මව්වරුන්ගේ දිනයේ නිර්මාතෘ ලෙස හඳුන්වනු ලබන්නේ ඇනා ජාවිස් නම් කාන්තාවක්.
ඇයගේ මව ඈන් රීවිස් ජාවිස්ගේ නම් කාන්තාවක් වූ අතර ඇය අමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර මව්වරුන් සහ සොල්දාදුවන් සඳහා වඩා හොඳ සෞඛ්‍ය තත්ත්වයන් වර්ධනය කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් මෙන්ම ප්‍රජා සංවිධායකවරියක්ද වූවා.
1905 වසරේදී ඈන් රිවිස් ජාවිස්ගේ අභාවයෙන් පසු ඇනා ජාවිස්ට ඇගේ මව වෙනුවෙන් ගෞරව කිරීම සහ ඔවුන්ගේ කෘතඥතාව පළ කිරීමට හැකි දිනයක් නිර්මාණය කිරීමට අවශ්‍යව තිබුණේ..
ඒ අනුවය ඇගේ එම උත්සාය සාර්ථක වෙමින් 1914 වසරේදී එවකට අමෙරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් මැයි මාසයේ දෙවන ඉරිදා දින මව්වරුන්ගේ දිනය ලෙස නම් කෙරුනු අතර එදින නිවාඩු දිනයක් ලෙසද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා..
උණුසුම් පුවත්
- අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
- සහල් ආනයනය ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
- මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක
- විපක්ෂ මන්ත්‍රීවරුන්ට නිසි ආරක්ෂාවක් නෑ
- ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්
- හිටපු ඇමැති ඉන්දිකගේ කාර්ය මණ්ඩල සේවකයෙක් සහ තවත් අයෙක් අල්ලස් දැලේ
- මහියංගනය රජමහා විහාරයේ ඉපරැණි බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කරලා
- ටී-56 උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට













