ලෝක බැංකුවේ ශ්‍රී ලංකා හා මාලදිවයින් නියෝජිත ගෙවොග් සාග්සියන් මහතා සහ ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
මේ වන විට රට ආර්ථික ස්ථාවරත්වයකට ගෙනඒම සඳහා ශ්‍රී ලංකා රජයේ කැපව්ම සම්බන්ධයෙන් මෙහිදී නියෝජිතවරයා සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
ලෝක බැංකුව සම්බන්ධ ඉතිහාසය පැහැදිලි කළ ඒ මහතා ශ්‍රී ලංකා රජය රටේ සංවර්ධනය වෙනුවෙන් ඉල්ලා සිටින ඕනෑම අංශයකින් සහයෝගය දැක්වීමට සූදානම් බවයි මෙහිදී ප්‍රකාශ කළේ.
ශ්‍රී ලංකාවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සහ මූල්‍යමය ඇතුළු අනිකුත් අභියෝග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
රාජ්‍ය ආයතන නගා සිටුවීමේ වැදගත්කම සහ පෞද්ගලික අංශය දායක කරගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ..
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













