
අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා වූ ඉහළම අගය බවද විදෙස් මාධ්‍ය අවධාරණය කරනවා.














