ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ හොරණ වැවිලි සමාග එක්ව උණ ශාක පැළ 500ක් රෝපණය කිරීම තලවකැලේ ලිඳුල බඹරකැලේ රහන්වත්තේදී අද(18) සිදු කර තිබෙනවා.
සැප්තැම්බර් 18 වනදාට යෙදෙන උණ ශාක දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, හොරණ වැවිලි සමාග සමග එක්ව මහවැලි ප්‍රධාන ගංගාව වන කොත්මලා ඔයාට ජලය ගලා බසිනා රහන්වත්ත ජල පෝෂක ප්‍රදේශයේ උණ පැල රෝපණය කර තිබෙනවා.
රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සමග එක්ව පරිසර සංරක්ෂණය කළ යුතු බවට ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, හොරණ වැවිලි සමාග සක් එක්ව කොත්මලා ඔයේ ජල පෝෂක ප්‍රදේශයේ උණ ශාක රෝපණය කිරීම සිදු කළ බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වන සහ පරිසර අධ්‍යක්ෂ ප්‍රසන්න ජයතිලක මහතා කියා සිටියේ.
උණ ශාක තුළින් පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම, පස සංරක්ෂණ ක්‍රියාවලිය, පරිසරයට ඔක්සිජන් නිකුත් කිරීම සහ ජල මූලාශ්‍ර රැකදීම ඇතුළු පරිසර ක්‍රියාවලියන් ගණනාවක් සිදු කරන බවයි ජයතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
උණ ශාක රෝපණය කිරීමේ අවස්ථාවට ප්‍රදේශයේ පාසල් ළමුන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ හොරණ වැවිලි සමාගමේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියා.
ලෝක උණ ශාක දිනයේ පළමු අදියර යටතේ උණ ශාක 500ක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් හොරණ වැවිලි සමාගම වෙත නෙමිලේ ලබාදී තිබෙනවා.