ලොව පුරා වියළි භූමි ප්‍රමාණය ඉහළ යාම පානීය ජලය හිග වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂන වාර්තාවකින් අණාවරණය කර තිබෙනවා.
ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව වන සයන්ස් ඇඩ්වාන් සගරාවේ මෙම තත්ත්වය අණාවරණය කර තිබුණා.
මෙම පර්ශේෂන වාර්තාව සකස් කිරීම සදහා වසර කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප සහ දත්තයන් භාවිතා කළ බවයි එම විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ.
ඒ අනුව මේ වන විට ලෝකයේ තෙත් පරිසර කළාප වලට සාපේක්ෂය වියලි පරිසර කළාප ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.
මෙම නිසා පානීය මිරිදිය ජලය සිදී යාමේ අවධානමක් මතු වී තිබෙනවා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වසර 22 තුල ලෝකයේ ජන ගහණයෙන් සියයට 75 ක් සදහා මිරිදිය හිගයට මුහුණ දීමට සිදු වී ඇති බවයි.
ලෝකයේ රටවල් 101 ක මේ වන විට ජල හිගය ක්‍රමයෙන් ඉහළ යන බවද එම වාර්තාව අණාවරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













