බුලත්සිංහල, පාරුතල්විල කොපිල්ලගොඩ අතුරු මාර්ගයේ පාරුතල්විල ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පාරුතල්විල දෙස සිට කොපිල්ලගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ පදිකයා බුලත්සිංහල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.
මෙලෙස මියගොස් ඇත්තේ බුලත්සිංහල, පාරුතල්විල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 69ක් පමණ වන පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.