සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර සාකච්ඡාවක පවත්වා තිබෙනවා.්
රාජ්‍ය අංශයේ පරිපාලන හැකියාවන් සහ ධාරිතා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සඳහා මීපේ පිහිටා ඇති දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය සමග එක්ව කටයුතු කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත් බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී සදහන් කර ඇත්තේ.
ලී ක්වාන් යූ ජාතික විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධතා අධ්‍යක්ෂ කාර්ටිනි බින්ටේ අබ්දුල් රහ්මාන් මහත්මිය විසින් එම පාසලේ අරමුණ පැහැදිලි කර තිබෙනවා.
ආසියාව පුරා රාජ්‍ය අංශයේ නායකයින් පුහුණු කිරීමට දායකත්වය සැපයීම, ධාරිතා සංවර්ධනය සදහා එම පාසල කැපවී සිටින බවයි ඇය අවධාරණය කර ඇත්තේ.
තවද නායකත්වය, ධාරිතා සංවර්ධනය හා පර්යේෂණ අවස්ථා පවත්වාගෙන යාමට සුදුසු උසස් ජාත්‍යන්තර අධ්‍යයන පරිසරයක් ඇතිකිරීම සඳහා තම ආයතනය දක්වන එහිදී පෙන්වා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
- ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
- නාය යාමේ අනතුරු ඇගවීම් තවදුරටත් යාවාත්කාලීන කරයි
- ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැදුම්කර ප්‍රතිව්‍යූහගත කෙරේ
- පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු නිලධාරීන් රැසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
- 2027 වසරේ සිට පූර්ව ළමා විය සදහා නව විශය මාලාවක් -අගමැතිනිය කියයි
- Казино – Официальный сайт Pin Up Casino Входи и играй.2795
- Sultan Games Регистрация и вход.4113













