ලාෆ් ගෑස් මිල ද සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා පවසනවා.
ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමෙන් පසුව සිය සමාගම ද ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවයි ඔහු පැවසුවේ.
මේ අතර ලිට්රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගම ඊයේ ප්‍රකාශ කළා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහසකින් හෝ ඊට ආසන්න මිලකින් අඩු කිරීමට නියමිත බවයි.