මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු විදේශිකයන් 260කට වැඩි පිරිසක් බේරාගෙන තායිලන්තයේ බලධාරීන්ට භාර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර
එම සයිබර් අපරාධ කඳවුරු වැටලූ මියන්මාර කැරලිකාර කණ්ඩායමක් වන ප්‍රජාතන්ත්‍රවාදී කැරන් බෙනවොලන්ට් හමුදාව විසින් ඊයේ අදාළ වින්දිතයින් තායි බලධාරීන්ට භාර දී තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී කැරන් බෙනවොලන්ට් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් සෝ සැන් අවුන්ග් විසින් දුරකථන සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් වොයිස් ඔෆ් අමෙරිකා ප්‍රවෘත්ති ඒජන්සියේ බුරුම සේවයට පවසා තිබුණේ, සිය හමුදා කණ්ඩායම කැරන් ප්‍රාන්තයේ මයාවාඩි දිස්ත්‍රික්කයේ අදාළ වැටලීම සිදු කළ බවයි.