වයස අවුරුදු 40 ඉක්මවූ සියලු ලංගම සේවකයින්ගෙන් වෛද්‍ය වාර්තා ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.
බස් රථයක් ධාවනය කරන අතරතුර ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ලංගම රියදුරෙක් ඊයේ මියගියා.
එම සිද්ධිය හේතුවෙනුයි ලංකා ගමනාගමන මණ්ඩලය මෙම විශේෂ තීරණය ගෙන ඇත්තේ.
එහිදී මාස හතරකට වරක් වෛද්‍ය වාර්තා ලබා ගත යුතු බවයි ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේ.