Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
    • කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
    • බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවෙන් රට පටවන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට අපනයනයට

    ලංකාවෙන් රට පටවන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට අපනයනයට

    2022-11-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26) ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගණය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙලෙස පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

    රාජාංගණයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා අද (25) කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත.
    ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා දිනය තුළ ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසන්නේ.

    එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබාදීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසනවා.

    මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ අප රට ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් ආරම්භ කරන ලද මෙම වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවේ නාමය අන්තර්ජාතික කීර්තියට පත් කරන අවස්ථාවක් බවයි.

    අපේ රටේ සෑම දෙයකටම විවේචන එල්ල කරන පිරිසක් සිටින අවස්ථාවක අපේ ම රටේ මහපොළවේ වැවුණු ඇඹුල් කෙසෙල් ජාත්‍යන්තර වෙ‍ළෙඳපොලට යැවීමට හැකි වීම අපලත් ජයග්‍රහණයක් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

    අනාගතයේ දී අපේ රටේ කෘෂිකර්මාන්තයෙන් ඉහළ ආදායම් ඉපයීමටත්, අපේ කෘෂි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයග්‍රහණය කළ හැක්කේ ද නවීන කෘෂි තාක්ෂණය, උපකරණ හා වෙළෙඳපොළ ගොවි ජනතාවට හඳුන්වාදීම මගින් පමණක් බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.

    මේ සම්බන්ධව පෙරමුණ ගෙන කටයුතු කරන කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු කණ්ඩායමට තම කෘතඥතාවය පළ කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ASMP ව්‍යාපෘතියේ කෘෂි විද්‍යාඥ Dr. Julian සහ Dr. Han යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වූවා.

    පෙර පුව​තපාසල් සිසුවිය කෙළෙසන අයුරු පටිගත කර මිතුරන්ටත් යවලා
    ඊළඟ පුව​ත ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාවට එක්සත් රාජධානියෙන් පවුම්

    සබැ​ඳි පුවත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි

    සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    2026-07-12

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    2026-07-12

    ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group