යුක්රේනයට අයත් ඩොන්බාස් කලාපය කෙසේ හෝ අත්පත් කරගන්නා බවට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් යුක්‍රේන හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවටයි රුසියාව පවසන්නේ.
මෙම දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසිදායක වන සම්මුතීන් ප්‍රතික්ෂේප කරන බවයි.
මේ වනවිට ඩොන්බාස් හි සියයට 85 ක පමණ ප්‍රමාණයක් රුසියාව විසින් පාලනය කරන අතර, එහි නැගෙනහිර ප්‍රදේශයේ පමණක් යුක්‍රේනය හමුදා රැඳී සිටිනනවා.
කෙසේ නමුත් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සිය භූමිය අත්හැරීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.











