යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ප්‍රහාරයෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජීවි තක්ෂයට පත්ව ඇති බවයි යුක්‍රෝන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.
මිය ගිය පිරිසට ළමුන් 4 දෙනෙකුද අයත් වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
රුසියාව නිවේදනය කර ඇත්තේ පසු ගිය දා රුසියානු තෙල් පිරිපහදුවක් වෙත යුක්‍රේනය සිදු කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
මේ අතර ප්‍රහාරයෙන් පසුව එක්සත් රාජධානියේ රුසියානු තානාපති හට එරට අගමැති කීර් ස්ටාර්මර් විසින් හදිසි කැදවීමක් සිදු කර තිබෙනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව වෙත ප්‍රකාශයක් සිදු කිරීම එහි ප්‍රධාන අරමුණ වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උණුසුම් පුවත්
- ඉන්දියාවේ රිය අනතුරකින් 19ක් ජිවිතක්ෂයට
- ආණ්ඩුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු සහයක් නැහැ
- “සංදර්ශන ගැන ගැටලුවක් නැහැ” – රුවන් මාපලගම
- අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් දිවයිනට
- අලි රොෂාන් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම විභාගයට ගැනීමට දින දෙයි
- අද සවස ඌව, මධ්‍යම සහ සබරගමුවේ වැසි
- ඉංජිනේරු සංස්ථාවේ හිටපු අධ්යක්ෂ අත්අඩංගුවට
- කේරළ කංසා එක්ක 04ක් නාවික හමුදා භාරයට













