මෙරට රිළවුන් චීන සත්වෝද්‍යානවලට ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
ඉන් අනතුරුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණා.
චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.
මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වුණේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවූ අතර පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවයි.
ඒ අනුව මෙරට රිළවුන් චීනයට අපනයනය කිරීමට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවටයි පරිසරවේදීන් පෙන්වා දුන්නේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රීවරු 20ක් ගිනි අවි ඉල්ලයි
- වැලිගම ප්‍රා.ස. සභාපතිගේ ඝාතනයට සම්බන්ධ යතුරු පැදිය හමුවූ තැන
- විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
- පිස්තෝලයක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
- ෂොපිං බෑග්වලට අද ආපු නීතිය ගැන හැටන්වල මත දෙකක්
- ලංගම බස් රියදුරා නීති විරෝධී බඩුත් එක්ක මාට්ටු
- වතුකරයෙන් රටටම ආදර්ශයක්
- වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට













