මෙම වසරේ ගතවූ කාලය තුල දිවයින පුරා සිදුවූ රිය අනතුරු හේතුවෙන් 155 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
රිය අනතුරු 147කදී අදාළ පුද්ගලයින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර මහතා සදහන් කලේ .
පසුගිය සතිය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 34 කින් පුද්ගලයින් 35 දෙනෙකු මියගොස් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.
කොළඹ පහිටි පොලිස් මාධ්‍ය කොට්ටාසයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව අනාවරණය කළා.













