රජයේ ඩිජිටල්කරණ වැඩසටහන සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් පළාත් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවෙහි පළමු පළාත් වැඩසටහන ඊයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා.
මෙම රජයේ ඩිජිටල්කරණ සැලසුම් පැහැදිලි කිරීම සහ AI තාක්ෂණ භාවිතය පිළිබඳව නිලධාරීන්ගේ සාක්ෂරතාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද වැඩසටහන පැවැත් වුණේ මධ්‍යම පළාත් සභාව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ රජයේ අනෙකුත් ආයතනවල සියලුම විධායක නිලධාරින්ගේ සහභාගීත්වයෙන්.
ඩිජිටල්කරණය සහ AI තාක්ෂණය පිළිබඳව රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් 6 ක් කොළඹ කේන්ද්‍ර කරගනිමින් මේ වන විට පවත්වා තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය පැවසුවේ ඒ සඳහා නිලධාරීන් 4000කට වැඩි පිරිසක් සහභාගී වූ බවයි.
සියලු පළාත් ආවරණය වන පරිදි පළාත් මට්ටමින් මෙම වැඩසටහන පවත්වා රජයේ ඩිජිටල්කරණ සැලසුම පිළිබඳ රාජ්‍ය නිලධාරියාගේ කාර්යභාරය සහ AI තාක්ෂණය රජයේ කටයුතු සඳහා භාවිතයට යොදා ගැනීම පිළිබඳව කොළඹින් බැහැර සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරිමට සැලසුම් කර තිබෙනවා.