මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්‍ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්‍ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය සහ ආදායම් ලැබෙන රටාව අනුව සළකා බැලීමේදී 2024 වසර අදායම් ඉලක්ක සපුරාගත හැකි වසරක් වනු ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.