ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 09 වැනි තරඟයෙන් ලකුණු 12ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 05ක් දැවී ලකුණු 185ක් රැස් කළා.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ රියාන් පරාග් පන්දු 45කදී නොදැවී ලකුණු 84ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවා 20 අවසානයේ කඩුළු 05ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 173ක් පමණයි.
එහිදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝර්නර් ලකුණු 49ක් සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 44ක් රැස් කළා.
පන්දු යැවීමේදී නන්ඩි්‍ර බර්ගර් සහ යුස්වේන්ද්‍ර චහල් කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක දෙකකට අදත් වැසි
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද













