වාරියපොල රඹුකන වෙලව ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් 28 හැවිරිදි තරුණයකු ඝාතනයට ලක්ව තිබෙනවා. වාරියපොල පොලිසිය පවසන්නේ එම පුද්ගලයා තියුණු ආයුධ ප්‍රහාරයකට ගොදුරු වී ඇති බවයි.
එම පවුලේම තවත් පිරිසක් ගැටුම අවස්ථාවේදී තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර සිටිනවා. මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාද බරපතළ තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. තුවාල ලද පිරිස අතර මියගිය පුද්ගලයා ගේ වැඩිමහල් සොහොයුරියද වනවා.
මෙම පවුල සහ ගමේ පිරිසක් අතර කාලයක සිට ආරවුලක් තිබි ඇති අතර මියගොස් සිටින පුද්ගලයා සහ තුවාල ලබා සිටින එම පවුලේ පිරිස මත් ද්‍රව්‍ය චෝදනා මත සිරදඩුවම් විඳ පැමිණි පිරිසක් බවටයි අනාවරණ වන්නේ.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්