අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා ජූනි 3ව නදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඒ ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීයි.
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමති වරද සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 03 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයේ නියෝග කළේ.
එමෙන්ම අදාළ නඩුකරවල සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පුත් රමිත් රඹුක්වැල්ල මහතා නම් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට අවසර ලබා දුන්නා.
උණුසුම් පුවත්
- මව සහ දියණිය විදුලි සැර බිලි
- පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
- පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීමක්
- පොලිස් බැරක්කයේ සිටි පොලිස් කොස්තාපල්ට පිහිපහරක්
- නීති විරෝධීව රැගෙන ආ ඇන්තූරියම් පැළ තොගයක් රේගු භාරයට
- T20 ලෝක කුසලානයේ පළමු තරගය ඇරඹෙයි













