හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්.
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කරුණු ඉදිරිපත් කරන බවයි.
විමර්ශන කටයුතු අවසන් නොමැති වීම හේතුවෙන් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔහු අදිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා අධිකරණයේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලීම් කර තිබුණා.
සෙසේ වෙතත් මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ හිටපු ජනාදිපතිවරයා එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
අපරාධ පරීක්සණ දෙපාර්තුමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ඔහුගේ ධූර කාලයේදී රජයේ මුදල් භාවිතා කරමින් ලන්ඩන් නුවර පැවැත්වූ ඒ මහතාගේ බිරිදගේ උපාදි උත්සවයක් සදහා සහභාගී වීම හේතුවෙන්.
උණුසුම් පුවත්
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?













