හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 2 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි.
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් සදහා වන විශේෂ දේශනයක් සඳහා ඔහු මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යනු ඇති.
රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී හෙට දින මෙම දේශනය පැවැත්වෙනු ඇති.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, කැනඩාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සහ ඔස්ටේ්‍රලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් යන මහත්වරුන් ද මෙහිදි දේශන පැවැත්වීමට නියමිතයි.
දකුණු ආසියාව සම්බන්ධයෙන් වන දේශනය පවත්වනු ලබන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වීම විශේෂත්වයක්.
මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- BREAKING NEWS: පියුමි හංසමාලිගේ පුත් කාවිංග අත්අඩංගුවට
- කිම් ජොන්-උන්ගෙන් පුටින්ට පූර්ණ සහාය
- “ආමි උපුල්” ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අල්ලයි
- ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහන දුම්රියක ගින්නක්
- ජුනි මාසයේ විදෙස් ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේශණ ඉහළට
- තහනම් පිරමීඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව දැනුම්වත් කිරීමේ සතියක් හෙට සිට
- මිතුරන්ගේ මත්පැන් සාදය මරණයකින් කෙළවර වෙයි
- තැන් දෙකකින් මළ සිරුරු දෙකක් හමුවෙයි