මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
පසුගිය ජූනි 13 වන දිනයේ දී “කැරට් 22” රන් පවුමක මිල රු. 250,600ක් ලෙස සඳහන් වූ අතර, අද (24) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි එය සඳහන් වුයේ රු. 248,000ක් ලෙසයි.
එමෙන්ම පසුගිය ජූනි 13 වන දින රු. 271,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 268,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා.