රථ වාහන අනතුරු වැරදිවලින් සියයට 53ක්ම රියදුරන් නිසා සිදුවන ඒවා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
කොතරම් දඩ නියම කළ ද වැරදි කරන පුද්ගලයින්ගේ අඩුවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ .
සෑම බස් රථයක්ම මසකට වරක් පරීක්ෂා කිරීමේ නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා තවදුරටත් පවසන්නේ.
රථ වාහන පොලිස් නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහනක් කොළඹ දී පැවැත්වුණා.
ඒ අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රදානත්වයෙන්.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ , බස්නාහිර පළාත් රථ වාහන භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව් පී ජේ සේනාධීර යන මහත්වරුන් ද ඊට එක්ව සිටියා.
උණුසුම් පුවත්
- ලොරි – වෑන් ගැටී දෙදෙනෙකුට බරපතලයි
- උසස් පෙළ ලියූ සිසුන් පිරිසකට විශේෂ දැනුම්දීමක්
- දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට
- හිටපු කාතානයක රන්වලගේ නිවස ඉදිරිපට රිය අනතුරක්
- කාලගුණයෙන් නිවේදනයක්
- නුවරඑළියේ මල් තුහිණ
- ජාතික යොවුන් තෛපොංගල් උළෙල හැටන්හිදී පැවැත්වෙයි
- STF නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිටි තරුණයෙක් අත්අඩංගුවට













