රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.මේ සඳහා රෝහල් කමිටුව මගින් රුපියල් ලක්ෂ 68ද පරිත්‍යාගශීලීන්ගේ රුපියල් ලක්ෂයක්ද ලැබී ඇති අතර ඒ සඳහා වැයවූ මුදල රුපියල් ලක්ෂ 98 කි. මේ යන්ත්‍රය මඟින් බාහිර කැපුම් වලින් තොරව එනම්, ශල්‍යකර්ම සිදු නොකර වකුගඩු ගල් ලේසර් කිරණ භාවිතයෙන් කඩා ඉවත් කරයි.මේ වන විට වකුගඩු වල ගල් ඉවත් කිරීමට රත්නපුර රෝහල රෝගීන් විශාල පිරිසක් ලේඛන ගත ව සිටින බවද වාර්තා වේ. මේ තුළින් ගැටලු ජනතා විසින්ම විසඳා ගැනීම පිලිබදව අගය කළ යුතු බවද ආණ්ඩුකාරවරයා පවසනවා.මෙම රෝහලේ රෝහල් කමිටුව විසින් රථගාලක් හා ඒටීඑම් යන්ත්‍රයක් පවත්වාගෙන යන අතර, එය තුලින් මාසිකව රුපියල් ලක්ෂ 3 ක අදයමක්ද උපයා ගන්නා අතර දිවයිනේ මෙලෙස ස්තිර මාසික ආදායමක් ලබන එකම රෝහල් කමිටුව රත්නපුර ශික්ෂණ රෝහල් කමිටුව බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










