රත්නපුර ශික්ෂණ රෝහල සඳහා අධි නවීන පහසුකම්වලින් සමන්විත වකුගඩු ගල් ඉවත් කිරීමේ යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම පසුගියදා සබරගමු පළාත් ආණ්ඩුකාර අධි නීතිඥ නලින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.මේ සඳහා රෝහල් කමිටුව මගින් රුපියල් ලක්ෂ 68ද පරිත්‍යාගශීලීන්ගේ රුපියල් ලක්ෂයක්ද ලැබී ඇති අතර ඒ සඳහා වැයවූ මුදල රුපියල් ලක්ෂ 98 කි. මේ යන්ත්‍රය මඟින් බාහිර කැපුම් වලින් තොරව එනම්, ශල්‍යකර්ම සිදු නොකර වකුගඩු ගල් ලේසර් කිරණ භාවිතයෙන් කඩා ඉවත් කරයි.මේ වන විට වකුගඩු වල ගල් ඉවත් කිරීමට රත්නපුර රෝහල රෝගීන් විශාල පිරිසක් ලේඛන ගත ව සිටින බවද වාර්තා වේ. මේ තුළින් ගැටලු ජනතා විසින්ම විසඳා ගැනීම පිලිබදව අගය කළ යුතු බවද ආණ්ඩුකාරවරයා පවසනවා.මෙම රෝහලේ රෝහල් කමිටුව විසින් රථගාලක් හා ඒටීඑම් යන්ත්‍රයක් පවත්වාගෙන යන අතර, එය තුලින් මාසිකව රුපියල් ලක්ෂ 3 ක අදයමක්ද උපයා ගන්නා අතර දිවයිනේ මෙලෙස ස්තිර මාසික ආදායමක් ලබන එකම රෝහල් කමිටුව රත්නපුර ශික්ෂණ රෝහල් කමිටුව බවද වාර්තා වනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














