16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට එළඹෙන 2025 මැයි 19 වන දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකයේදීයි.
මීට සමගාමීව පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබුවා.
ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා මෙම උත්සවයට සහභාගී වීමට නියමිතයි.
එළඹෙන මැයි 19 වන දින පස්වරු 4.00 සිට 6.00 දක්වා මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වෙනු ඇති.