Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්

    2026-07-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
    • ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
    • බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්
    • හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි
    • බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්
    • අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
    • වියට්නාමයේ බෝට්ටුවක් පෙරලීයාමෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට
    • උණුසුම් කාළගුණය සම්බන්ධයෙන් අවවාධාත්මක නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය හමුවක්

    රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමට විශේෂ මාධ්‍ය හමුවක්

    2025-02-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙනවා.

    එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා , වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියමහතා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා සහභාගී වී තිබෙනවා.

    රට තුළ අපරාධ මර්දනය සහ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අවස්ථාවක ඒවා අඩපණ කිරීමේ උත්සහයක නිරත පිරිසක් සිටින අතර, ඔවුන් හඳුනගෙන ඇති බවත්, එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කලා.

    තවද, එහිදී අදහස් දැක්වූ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, මේ වනවිට මෙරට සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 58ක් හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ගේ අනුගාමිකයින් 1400ක් පමණ හඳුනාගෙන ඇති බවත්.

    ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි අංශ හරහා ලබාගෙන ඇති බවත්, ඔවුන්ගේ නායකයින් (ගෝඩ් ෆාදස්ලා) විදෙස්ගත වී මෙම අපරාධ ක්‍රියාත්මක කරන බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

    ඒ අනුව, 2024 වසරේදී වෙඩි තැබීම් 75ක්, නිශ්චිතවම අනාවරණය නොවූ තියුණු ආයුධවලින් පහරදීම් 18ක් වශයෙන් 93ක් වාර්තා වී තිබෙන බවයි ඔහු පැවසුවේ.

    2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 17ක්, තියුණු ආයුධවලින් පහරදීම් 05ක් ලෙස සියලුම සිද්ධීන් 22ක් වාර්තා වූ බව ද ඔහු සඳහන් කළා.

    එමෙන්ම මේ වසරේ වූ සිදුවීම්වලින් 17ක් මේ වනවිට විසඳා ඇති බවයි ඔහු සඳහන් කළේ.

    ඊට ප්‍රතිචාර වශයෙන්, කල්ලි ප්‍රචණ්ඩත්වය බහුලව පවතින බස්නාහිර සහ දකුණු පළාත්වල ආරක්ෂාව තර කර ඇති බවයි ඔහු පැවසුවේ.

    මෙම අපරාධවලට ඍජුව හෝ වක්‍රව පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ හෝ ආරක්ෂක සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ සහාය ලැබී තිබෙන බවත්, ඔවුන්ව හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර අත්අඩංගුවට ගන්න කටයුතු කරන බවත්, ඔහු සඳහන් කළා.

    පසුගියදා සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 02ක්, යුධ හමුදා සාමාජිකයෙක්, සේවයෙන් ඉවත්වගිය යුධ හමුදා සාමාජිකන් 07ක්, ගුවන් හමුදා සාමාජිකයෙක් වශයෙන් නිලධාරීන් 09 දෙනෙක් වාර්තා වෙන බවයි ඔහු පැවසුවේ.

    තවද, ඔහු සඳහන් කළේ, නව රජය පත්වූවාට පසු ටී56 අවි 13ක්, පිස්තෝල 21ක්, රිවෝල්වර 15ක්, AK47 අවියක්, බෙහෙත් කොටන අවි 805ක්, බෝර 12 අවි 75ක්, ගල් කටස් 10ක්, වෙනත් අවි 04ක් ලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

    මේ අතර, අවි ආයුධ සහ අපරාධ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සඳහා මහජනතාව සඳහා 1997 යන විශේෂිත ක්ෂණික දුරකථන අංකය හඳුන්වා දී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළා.

    ඊට අමතරව, අවි ආයුධ, ටී56 ගිනි අවි පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබාදෙන්නන් සඳහා රුපියල් මිලියනයක ත්‍යාගයක් පිරිනමනු ලබන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    පෙර පුව​තපොලිතීන්, ප්ලාස්ටික් මගින් සිදුවන හානිය වැළැක්වීමට වැඩසටහනක්
    ඊළඟ පුව​ත ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වෙයි

    සබැ​ඳි පුවත්

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්

    හෝමූස් සමූද්‍ර සන්ධිය යලිත් වසා දමයි

    බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    බුත්තල කතරගම මාර්ගයේ බිහිසුණු අනතුරක්

    2026-07-12

    බන්ධනාගාර ගැටුමින් මිය ගිය රැදවියන් වෙනුවෙන් වන්දි ලබා දීමට සැලසුම්

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group