ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.
අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් ඇමරිකාව පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා