මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ”රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට 13 වනදා දක්වා වැටලීම් 16,915ක් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
එම මෙහෙයුම් මගින් පුද්ගලයින් 16,738ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 396 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝගද ලබා ගෙන තිබෙනවා.
මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගංජා පැල දස ලක්ෂ 15,632ක්ද, කුෂ් කිලෝ 4 ග්‍රෑම් 847ක්, හෂීන් කිලෝ 25 ග්‍රෑම් 483ක්, මත්පෙති 41,874, මදනමෝදක කිලෝ 13 ග්‍රෑම් 17, මාවා කිලෝ 36 ග්‍රෑම් 176ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.
එමෙන්ම මෙම වැටලීම් මගින් පුද්ගලයින් 313 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කිරීමටද පොලීසිය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
උණුසුම් පුවත්
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
- මව සහ දියණිය විදුලි සැරට බිලි
- පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
- පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්














