ස්පාඤ්ඤයේ රජු හා රැජිණ ගංවතුරෙන් පීඩාවට පත් වැලෙන්සියා හි සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෝපයට පත් විරෝධතාකරුවන් විසින් ස්පාඤ්ඤයේ රජු හා රැජිනට එහිදී දෝෂාරෝපණ එල්ල කළ බවයි වාර්තා වන්නේ.
මිනීමරුවා යන වදන් භාවිත කරමින් ඔවුන් කෑගැසීමට කටයුතු කර බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
කලාපයේ දරුණුතම බලපෑමට ලක් වූ පයිපෝටා නගරයද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වුණා.